Thursday, April 16, 2015

පොඩි කතාවක් ලියන්න හිතුනා මේක උනේ, මේ කොලුවා, කොළඹ නගර ශාලාව අසබඩ තියෙන computer කැලෑසියකට ගියපු කාලේ... එදා ඉදන් අද වෙනකන් ඔය කැලාසියෙන් සෙට් වෙච්ච අතිජාත මිත්‍රයෝ ටිකක් ඉන්නවා... අපි සෙට් එක විභාගයක් ඉවර වෙලා ගියා පුංචි එංගලන්තේ පැත්තේ පොඩි සවාරියක්. ඔය ගමන ගිහින් නැවතුනේ අපේ සෙට් එකේ හිටිය ගම්පොලයාගේ (ඇත්ත නම් ඕනේ නැනේ ) යාලුවෙක්ගේ ගෙදර.. ගෙදර කිව්වට මේක බංගලාවක්.... මොකද අපේ යාළුවා පුංචි එංගලන්තේ වත්තක සුපරින්ටෙන්ඩන්ට් මහත්තයෙක්.. ඉතින් පුංචි එංගලන්තේ ගියහම ඉතින් හැමෝම යන තැනක් නේ අර ඇඩ්ඩින්ගේ බංගලාව - අර ජෑම් එහෙම හදන්නේ - ඉතින් අපි සෙට් එකත් ගියා ඕකට.. ගිහිල්ල අර විසාල වත්ත වටේට කරක් ගහල... හැරුණු හැරුණු පැත්ත බලන පින්තුරේ ඉන්න මහත්තය ගැනත් හොද ලේක්චෙර් කටත් සවන් දුන්නා.. ඉතින් හැමෝම ඔතනට ගියාම, එතන නිෂ්පාදනය කරන ඒවා ගන්න තැනටත් යන නිසා අපිත් නිකන් ගිය ටුවර් එකක් දාන්න. මොනවා හරි ගන්න ඕනේ කියල කොලුවට හිතුනත් මොනවද ගන්නේ කියල නං අදහසක් තිබ්බේ නෑ, ටිකක් වෙලා විකුනන්න තියෙන දේවල් දැක්කම කොලුවටත් හිතුන ආසම කරන බීම එකක් ගන්න... මුකුත් නෙමෙයි, ලයිම් කෝඩියල් එකක්.. ඕක ගන්න කොට වට පිටවේ කව්රුත් රටේ නෑ. එතන ඒවා විකුනන්න හිටයේ පල්ලියේ පූජක වරයෙක් කියල තමි මට නං හිතුනේ.

No comments:

Post a Comment