Thursday, April 16, 2015

පොඩි කතාවක් ලියන්න හිතුනා මේක උනේ, මේ කොලුවා, කොළඹ නගර ශාලාව අසබඩ තියෙන computer කැලෑසියකට ගියපු කාලේ... එදා ඉදන් අද වෙනකන් ඔය කැලාසියෙන් සෙට් වෙච්ච අතිජාත මිත්‍රයෝ ටිකක් ඉන්නවා... අපි සෙට් එක විභාගයක් ඉවර වෙලා ගියා පුංචි එංගලන්තේ පැත්තේ පොඩි සවාරියක්. ඔය ගමන ගිහින් නැවතුනේ අපේ සෙට් එකේ හිටිය ගම්පොලයාගේ (ඇත්ත නම් ඕනේ නැනේ ) යාලුවෙක්ගේ ගෙදර.. ගෙදර කිව්වට මේක බංගලාවක්.... මොකද අපේ යාළුවා පුංචි එංගලන්තේ වත්තක සුපරින්ටෙන්ඩන්ට් මහත්තයෙක්.. ඉතින් පුංචි එංගලන්තේ ගියහම ඉතින් හැමෝම යන තැනක් නේ අර ඇඩ්ඩින්ගේ බංගලාව - අර ජෑම් එහෙම හදන්නේ - ඉතින් අපි සෙට් එකත් ගියා ඕකට.. ගිහිල්ල අර විසාල වත්ත වටේට කරක් ගහල... හැරුණු හැරුණු පැත්ත බලන පින්තුරේ ඉන්න මහත්තය ගැනත් හොද ලේක්චෙර් කටත් සවන් දුන්නා.. ඉතින් හැමෝම ඔතනට ගියාම, එතන නිෂ්පාදනය කරන ඒවා ගන්න තැනටත් යන නිසා අපිත් නිකන් ගිය ටුවර් එකක් දාන්න. මොනවා හරි ගන්න ඕනේ කියල කොලුවට හිතුනත් මොනවද ගන්නේ කියල නං අදහසක් තිබ්බේ නෑ, ටිකක් වෙලා විකුනන්න තියෙන දේවල් දැක්කම කොලුවටත් හිතුන ආසම කරන බීම එකක් ගන්න... මුකුත් නෙමෙයි, ලයිම් කෝඩියල් එකක්.. ඕක ගන්න කොට වට පිටවේ කව්රුත් රටේ නෑ. එතන ඒවා විකුනන්න හිටයේ පල්ලියේ පූජක වරයෙක් කියල තමි මට නං හිතුනේ.

Sunday, February 10, 2013

2 - ඇයි මම ආවේ ?

ඇයි මම මේ රටට ආවේ කියල මට තාම තේරෙන්නේ නෑ
මට මොනවද ලංකාවේ තිබුනේ නැත්තේ..
රස්සාවක්, වාහනයක්, ගෙයක්... අම්ම....
නෑදෑයෝ...යාලුවෝ..සල්ලිත් ටිකක්..

ඇයි මම ආවේ ..... පට්ටමට කෑදර  කමේද?..

කොච්චර සල්ලි හම්බ උනත්, කොච්චර සැප තිබ්බත්,
පිටරටකයි හිරගේකයි වැඩි වෙනසක් නෑ
එකම දේ telephone එකයි internet එකයි
විතරයි...
කන්ඩ  අදින්න රස්සාව කරන්න ඕනේ
එත් කටට රහට ලංකාවේ කෑමක් කන්න බෑ
හිරගෙදර නිකන් ඉදල කන්න දෙනවා
මාසෙකට සැරයක්  තමන් ආදරේ කරන මිනිස්සු ඇත්තට බලන්න පුළුවන්..

කෝකද හොද? තේරෙන්නේ නෑ  මට..

Friday, August 24, 2012

මං බදින්නේ නෑ , මට දුක් විදින්න බෑ


මං බදින්නේ නෑ , මට දුක් විදින්න බෑ
වද  කෙරුවත් හෙට මැරුණත් , මං බදින්නේ නෑ, සත්තයි 
මැරෙමි මම නොකා, ඔය කෙල්ලෝ නං එපා
සිටන් බාලේ රැක්ක  සීලේ අත් හරින්නේ නෑ

දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට ආලේ 
විශ්වාසේ බැහැ තබන්න කොහෙත්ම  රාලේ
උබ මගෙ පන මැරෙනවා මම උබ නැති කාලේ
ඔහොම කියන අය හපන්නු දමන්න මාලේ 

මුලින් හොදට පණ දෙන්නයි  කතා කරන්නේ 
යටින් තවත් කෙනෙක් ගැනයි  හිතේ තියෙන්නේ..
මම උබටයි උබ මෙමටයි මුලදි කියන්නේ 
බොරු නරකයි රවටන්නට ඇයි පෙලබෙන්නේ 

මං බදින්නේ නෑ , මට දුක් විදින්න බෑ
වද  කෙරුවත් හෙට මැරුණත් , මං බදින්නේ නෑ, සත්තයි 
මැරෙමි මම නොකා, ඔය කෙල්ලෝ නං එපා
සිටන් බාලේ රැක්ක  සීලේ අත් හරින්නේ නෑ


මෙලොව සැපත ඔබ නැති නං කුමට රත්තරන් 
පොරොන්දු වෙමි ඔබ තනි කර නොයන්නට ඉතින් 
උබ මැරුනොත් මමත් මැරෙමි කියයි හොර සිතින්
මේවා අසා කෙල්ලෝ කොල්ලෝ වෙනවා අතරමං 

බැදපු අලුත බොහොම හොදට කතා කරනවා 
කල් යනකොට ඇති හොද නොහොදට පෙරලනවා 
නැති දේවල් ඇති කරමින් සැක උපදනවා 
අන්තිමේදී උසාවි වල පෙනී සිටිනවා 

මං බදින්නේ නෑ , මට දුක් විදින්න බෑ
වද  කෙරුවත් හෙට මැරුණත් , මං බදින්නේ නෑ, සත්තයි 
මැරෙමි මම නොකා, ඔය කෙල්ලෝ නං එපා
සිටන් බාලේ රැක්ක  සීලේ අත් හරින්නේ නෑ


Wednesday, June 13, 2012

1 - මොකටද මේ ජීවිතේ?

නිකන් ලියනවා...... හැම දේම පුස්සක්.. දැනුම, ඉගනීම , රැකියාව.... මොකටද.
මරුන දට මුකුත් නෑ

Monday, October 10, 2011

සුමුදු රටා එපා ලදේ

අවරුදු ගානක් හෙව්වා .... අදයි සින්දුව හරියට හොයා ගත්තේ....
මම මේක කලින් අහල  තිබ්බේ nonstop වල විතරයි
ජංජාලය පෙරලලා හෙව්වා  " දිමුතු ලතා එපා  නගේ" කියල...
මට nonstop වල ඇහුනේ එහෙම... දන්නා කීප දෙනෙක්ගෙනුත් ඇහුවත් දන්නේ නෑ කිව්වා එහෙම සින්දුවක් ගැන...

අන්තිමට මම වැඩේ අතැරලා දාල හිටියේ....
ඔන්න අද වැඩ ඇරිලා ගෙදර එනකොට වාහනේ , බොරැල්ල හරියේදී පට්ට traffic එකකට සෙට් උනා....
එපා වෙන හින්ද කොල්ල car එකේ රේඩියෝ එක lane දෙක තුනක ජනතාවට ඇහෙන්න දාල තිබේ... හික් ... හික්...
එක පාරටම මෙන්න සින්දුව ගියා, ආයි ලොවෙත් නෑ.... traffic එකේ හිටි නිසා මම ටක් ගාල phone එකේ record කර ගත්තේ අද නං ගෙදර ඇවිත් සින්දුව කොහොම හරි හොයා ගන්නවා කියල හිතා ගෙන.....

මේ ගීතයේ පද මම  හිතන් ඉදපු එක නෙම්යිනේ....එකේ පදවැල මෙන්න මෙහෙමයි 

සුමුදු රටා එපා ලදේ........
කොද මල් අසමාන වතේ.....
කුමුදු බැලුම් එපා ලදේ...
අඩවන් අනුරාග නෙතේ....


- ගායනය : තිලකසිරි රත්නායක  ("අප දෙදෙනා දිහා බල බලා...." ගීතයේත් ගායකයා)




Google කලාම මෙන්න මෙතනින් බාගන්න ලින්ක් එකක් හම්බ උනා..
upload කරපු කෙනා නං මම දන්නේ නෑ....
කව්රු උනත් ඔබට බොහොම ස්තුතියි upload කලාට.

Get this widget | Track details | eSnips Social DNA

Wednesday, September 28, 2011

තවත් පට්ට බ්ලොග් ටිකක්

පට්ට බ්ලොග් එකක් සෙට් උනා.... 
ලොවෙත් නැත .... ලොවි ගහෙත් නැත.... ගහ ලොවෙත් නැත කිව්වලු.....!



---Update....

 පලාමල්ලට නොදෙවෙනි තවත් සුපිරි එකක් හම්බ උනා .....
  .http://bloggadol.blogspot.com/


Saturday, September 24, 2011

ජීවිතේ.... 1

මගේ ජීවිතේ ගෙවුන හැටි ගැන මටත් ලියන්න හිතුන.. එකට ගොඩක් ලොකු හේතු නෑ
හැබයි මම ජීවිතේ ගොඩක් දේවල් වලින් පැරදිලා, දිනලා දෙකම තියෙනවා.
මම දැනට ලගදි campus එකෙන් out උන කොල්ලෙක්... ගොඩක් කතන්දර ලියන අය  පේරාදෙණියේ campus උනත් මම කොළඹ campus එකේ..Science faculty එකට පිනකට තේරුණු කොල්ලෙක්.
කොළඹම ඉපදිලා කොළඹම හැදුන මට කොළඹ එච්චර තිත්ත නෑ..
හිමිහිට ලියන්නන්... මේක පූර්විකාවක් විතරයි...